"ලිපියායේ අරමුන"

මෙම ලිපි යාය බ්ලොග් අඩවියෙන් මම ඉදිරිපත්කරන්නෙ මම ආගිය තැන්වල මා සිත් ගත් ලිපිය. මෙම ලිපිවල සම්පූර්න අයිතිය එම ලිපි වල මුල් බ්ලොග් කරුවන් සතුවන අතර "ලොකු ජෝන්" වන මා විසින් මෙම ලිපි වලට අදහස් පමනක් එකතුකරන ලදි.

Friday, November 9, 2012

ඇවිද්ද පය ......: මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය

ඇවිද්ද පය ......: මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය:

මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය

මගේ පහුගිය ලිපිය වූ ඩක්වර්ත් - ලුවිස් මග ගිය ජය - ධර්ම සමීකරණය  කියවා අදහස් ඉදිරිපත් කරපු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේක තමන්ට තේරෙන්නේ නෑ කියන එක. එතනදී මම පොරොන්දු වුනා මේ ඩක්වර්ත් ලුවිස් කියන එක උදාහරණත් එක්ක තේරුම් කරලා දෙන්නම් කියලා. මුලින්ම කියන්න ඕනේ මේකට පසුබිම් වෙච්ච් කාරණය.

1992 දී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙක සංවිධානය කල ලෝක කුසලානය ගැන මතකයක් ඔබට ඇති විශ්වාවාස කරමි. එහිදී තමයි මුල්ම වරට වර්ණබේදවාදය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් වලින් පැත්තකට කරලා තිබ්බ දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාංයකට සහභාගී වුනේ.  කවුරුත් විශ්වාස කරාට වඩා දක්ෂකම් පෙන්නපු දකුණු අප්‍රිකා කණ්ඩායම අවසාන පුරවා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ එංගලතයත් සමග. එම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය පසු පස හඹා යමින් හිටිය දකුණු අප්‍රිකා කණ්ඩායමට හරහට හිටියේ වැස්ස.

 මුලින්ම පන්දුවට පහර දීපු එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 45 අවසානයේ ලබාගන්නවා ලකුණු 252ක්. තරගය ආරම්භයට වැස්සෙන් බාදා වෙනවා. එමනිසා විවේකයෙන් මිනිත්තු 10 අඩු කරලා තරගය ක්‍රියාත්මක කරනවා. ඒත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මන්දගාමී පන්දු යැවීමේ වේගය නිසා නියමිත කාලයේදී ඔවුන්ට යවන්න ලැබෙන්නේ පන්දුවාර 45ක් පමණයි. දකුණු අප්‍රිකානු ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 22 ක් පන්දු 13 කින් ලබා ගන්න තිබෙද්දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා වෙනවා. ඒ කියන්නේ ඔවුන් පන්දුවාර 42.5 කදී ලකුණු 231ක් ලබාගෙන සිටින මොහොත. මේ වෙනකොට තිබ්බ තරග නීති රීති අනුව වර්ෂාවෙන් බාදා වූ විටක ප්‍රථම ඉනිමේ අඩුම ලකුණු ලබා ගත පන්දු ඕවර් ඉවත් කර තරගය ක්‍රියාත්මක කරනවා. ඒ වෙද්දී දකුණු අප්‍රිකාව පන්දු ඕවර 42කුත් පන්දු පහක් ක්‍රීඩා කර ඇති නිසා ඉවත් කල හැකි ඕවර ගණන 2ක් පමණයි. ඉහතින් එංගලන්ත ඉනිමෙන් අඩුම ලකුණු ලබා ගත්ත පන්දු ඕවර දෙක ඉවත් කරනවා. අවාසනාවකට එය නොයිදුල් පන්දු ඕවර දෙකක්. ඒ කියන්නේ පන්දු ඕවර දෙක අඩු වුනාට ලබා ගත යුතු ලකුණු ගණන අඩු වුනේ නෑ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකේම තරගය ඕවර 43කත සීමා කරලා තරගයේ තීරණයක් ගන්නවා. එහෙම ගත්තාම තව යැවිය යුතු පන්දු සංඛ්‍යාව එකක්. ඔවුන් ලබා ගත යුතු ලකුණු ගණන වෙනස් නොවී 22 හිම පවතිනවා. අවසාන පන්දුව ක්‍රිස් ලුවිස් බොහොම හෙමින් දිව ඇවිත් යවනවා. එයට එක ලකුණක් පමණක් ලබා ගන්නවා.